අපගේ දැක්ම

ඉමදුව ප්‍රාදේශීය ලේකම්  ‍කොට්ඨාශයේ ජනතාවට විශිෂ්ඨ හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඉටු කරලීම .

අපගේ මෙහෙවර

රාජ්‍ය  ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසර හා සැලසුම් ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍ර‍දේශයේ ජන දිවිය නංවාලීම .

 

අගයන් 

      1. මනා කළමනාකාරිත්වය
      2. පුහුණු ශ්‍රමය
      3. නව තාක්ෂණය මඟින් කාර්යක්ෂම හා ඵලදායි සේවාව
      4. සමාජ දායකත්වය කෙරෙහි බැඳියාව

පිහිටීම

ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු කෙළවරෙහි ගාල්ල නගරයේ සිට ගාල්ල අකුරැස්ස මාර්ගයේ කි.මි. 20 ක් පමණ දුරින් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තල්පේ පත්තුව දකුණ ශාසණාරක්ෂක බල මණ්ඩලයට අයත් වේ.

 නැගෙනහිර දේශාංශ 800-150 හා 800-250 අතරද උතුරු අක්ෂාංශ60-60 හා50අතරද ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 5950 (ව.කි. 59.5) කි . ගාල්ල දිස්ත්‍රික්කයේ  මුළු භූමි ප්‍රමාණයෙන් 4% කි .  අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා සසඳා බලන විට විශාලත්වයෙන් 13 වන ස්ථානයේ ලාසැළකිය හැකිය .

කොට්ඨාශයේ මායිම්

උතුරින්  යක්කලමුල්ල  ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශයද

දකුණින් හබරාදුව ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශයද

නැගෙනහිරින් මාතර දිස්ත්‍රික්ක මායිම හා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද

බටහිරින්  අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද මායිම් වේ

map4web

ඓතිහාසික පසුබිම

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් බව පෙනී යන්නේ ගැමි වහරේ එන ඇතැම් කතන්දර මීට සාක්ෂි දරන නිසාය. ඒ ජනප්‍රවාද අතරින් මෙම ප්‍ර දේශය දුව වලින් වට වු නිසා  ඉමදුව වු බව ඇතමෙක් පවසන අතර, ඉම නම් දුව මෙය සොයා ගත් නිසා ද ඉමදුව නම් ලැබී ඇති බව ද පැරැන්නන්ගේ මතයයි.

පෞරාණික වටිනාකම

      • පරගොඩ රජමහා විහාරස්ථානය

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පරගොඩ රජ මහා විහාරය හා බැදුනු නිධාන කථාව දෙවනපෑතිස් රජ දවස දක්වා දිව යයි. එනම් දෙවනපෑතිස් රජතුමා විසින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර වු දෙතිස්ඵල බෝධින් රැගෙන පැමිණි අවස්ථාවේ ගමන් විඩාව මඟහරවා ගැනීමට පරගොඩ රජමහා විහාරස්ථානය පිහිටි ස්ථානයේ රැඳී සිටි බවත්, රැගෙන ආ බෝධි අංකුරය ගොඩපර ගසක් යට තැබීමෙන් පසු මුල් අද්දවා ඇති එම බෝධිය පරගොඩ රජමහා විහාරයේ ඇති  බෝධිය බවත් ජනප්‍රවාදයේ එයි

      • මඵව රාජමාලංකාරාමය

හතරවන දප්පුල රජතුමාගේ කාලයට අයත් යැයි ජනප්‍රවාදයේ සළකන අතර, පොකුණක, සතරමහා දේවාල  නටඹුන්  රාශියක්  ඇති අතර ගල් කණුද දැකිය හැක.

      • ගණේගොඩ පුරාණ විහාරය

වසර 500 කට වඩා පැරණි බෝධීන් වහන්සේ නමක් මෙහී දැකිය හැක.

      • අන්දුගොඩ පුරාණ විහාරය

වසර 200 කට වඩා  පැරණි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි බිතු සිතුවම්  දැකිය හැක.

      • සන්දස්සනාරාමය, වැළිකොන්ද

වසර 300 කට වඩා පැරණි නුවර යුගයට අයත් බිතු සිතුවම් දැකිය හැක.

      • දිවෙලෙගොඩ පුරාණ විහාරය

පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් වසර 400 කට වඩා පැරණි  දැව මුවා පිරිත් මණ්ඩපයක් දැකිය හැක.

 

ගම්මාන

ගම්මානයක් හෝ කිහිපයක එකතුවක් ලෙස ග්‍රාම නිලධාරී වසම නිර්මාණය වී ඇත. කොට්ශාශයේ පිහිටි ග්‍රාම නිලධාරී වසම් 43  තුල ගම්මාන  92 ක් පිහිටා ඇත.

කාර්යාලයේ ආරම්භය.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 1998 දී නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස ප්‍රකාශයට පත් කල අතර මීට පෙර හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව තිබුණි.  මෙම කොට්ඨාශය ග්‍රාම නිලධාරි වසම් 43 න් සමන් විත වේ.  කොට්ඨාශයේ භෞතික පිහිටීම අනුව විශාලම ග්‍රාම නිලධාරි වසම වනුයේ පරගොඩ ග්‍රාම නිලධාරි වසම වන අතර කුඩාම ග්‍රාම නිලධාරි වසම ඇල්ලලගොඩ ග්‍රාම නිලධාරි වසම වේ .

ග්‍රාම නිලධාරි කොට්ඨාස දැක්වෙන සිතියම

Imaduwa DS

1998 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම

සිට

දක්වා

එම්.ඩබ්.කරුණාරත්න මයා

1998

1999

එස්. ජාගොඩ මයා

1999

2001 ජුලි

සරත්සීලී ද සිල්වා මිය

2001 ජුලි

2001 ඔක්තෝබර්

විජිත ජයසුන්දර මයා (වැ.බ)

2001 ඔක්තෝබර්

2003 අප්‍රේල්

ටියුඩර් කංකානම්ගේ මයා

2003 මැයි

2007 ජුලි

සිරිසේන ගාල්ලගේ මයා

2007 ජුලි

2007 සැප්තැම්බර් 04

තරංගා වික්‍රමරත්න මිය

2007 සැප්තැම්බර් 05

2009 ජනවාරි 16

ධම්මික වීරකෝන් මයා

2009 ජනවාරි 17

2013 සැප්තැම්බර් 25

ජී.ජී.ලක්ෂ්මී කාන්ති මෙය

2013 සැප්තැම්බර් 26

2021 පෙබරවාරි 28

එස්.ඒ.එම්. නස්ලි මයා 2021 මාරතු  01 2026 ජනවාරි 19
නිහාරා මෙලනි වෙත්තසිංහ මිය 2026 ජනවාරි 19 සිට  මේ දක්වා 

News & Events

02
දෙසැ2019
පුවත්

පුවත්

  “සතුටු රටක් - ක්ලීන් ශ්‍රී  ලංකා...

31
ජූලි2019
පුවත්

පුවත්

කොළ පුරවන්නේ නැතිව උප්පැන්නයක් ගනිමුද .............. කොළ...

Scroll To Top