Divisional Agriculture Committee Meeting  22nd   January  2019  At  9.30 am in Auditorium 

prositive

 

 

 

 

 

 

2018/04/06  දින  ධනාත්මක ආකල්ප හා යහපාලනය පිළිබඳ පුහුණු වැඩසටහන  සද්ධා මංගල මහතාගේ සම්පත්දායකත්වයෙන්    කාර්යාල නිලධාරින්ට හා ක්ෂේත්‍ර නිලධාරින්ට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීයය ශ්‍රවනාගාරයේදී  පවත්වන ලදී. වක්වැල්ල කළමණාකරන හා සංවර්ධන පුහුණු  ආයතනය  මෙම වැඩසටහනේ සියලුම වියදම් දරන ලද අතර, නිලධාරින්ගේ රාජකාරියට ඇති ලැඳියාව හා රාජ්‍ය සේවයේ නියැලීය යුතු ආකාරය පිළිබඳ ඉතා පැහැදිලි දේශනයක් සිදු කරන ලදී.

 

audit

 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන වෙන් කිරිම මත විගණන කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන ජී.ඒ.අයි. ලේල්වල මහත්මියගේ  සම්පත්දායකත්වයෙන්  කාර්යාලීයය ශ්‍රවණාගාරයේදී පවත්වන  ලදී. නිලධාරින් වවුචර් පත්  ඉදිරිපත් කිරිමේදී සිදු කරන්නා වු වැරදි හා 2018/04/26 දින  අත්තිකාරම්  ලබා ගැනීමේ සීමාවන් වැනි වු  විගණනයට  ලක්වන්නාවු කරුණු ගැන  දැනුවත් කරන ලදී.

land

 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන වෙන් කිරීම මත ඉඩම් කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන  2018/04/24  දින  දකුණු පළාත් ඉඩම් කොමසාරිස්  ටී.ජී. සරත් කුමාර මහතාගේ සම්පත්දායකත්වයෙන් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ගාම නිලධාරින්හට රාජකාරි ඉටු කිරීමේදී  මුහුණ දීමට සිදුවන ගැටළු හා ආකෘති පත්‍ර නිවැරදිව ලබා දීම, ගාස්තු අයකිරීම් සම්බන්ධව නිලධාරින් දැනවත් කරන ලදී.

News & Events

Scroll To Top