අනියත දහම.............
කහ මලින් බර ඇහැළ යායක
නෙත රැඳී සිත නිවුන මොහොතක
සිහිවුනා හෙට පරව යන මල
කුමක් කරනුව එයයි ලොව්දම
පිපී රන්වන් කහ පැහැය ගෙන
පිරී දිලුනත් පන්සලේ අද
වැටී යයි එක එකින් ඒ හැම
එක මලක් හෝ නොරැඳෙනා ලෙස
පරව යන බව යටි සිතින් දැන
පරව ගිය කල වැටී පොළවට
වටහ ගන්නම් අනියතේ හැඩ
කේ.ඒ. සුමිත්‍රා මල්කාන්ති





















