උස් මහත් වී......... නුඹ ඈත් වී......
මං ගත කලේ කාර්ය බහුල ජීවිතයක්.....
ඔයා එක්ක සෙල්ලම් කරන්න මට කාලයක් තිබුණේ නෑ
ඔයා ලඟට ඇවිත් සෙල්ලම් කරමු කියද්දි
ඔයා වෙනුවෙන් මට කාලයක් තිබුණේ නෑ
මං ඔයාට කෑම හැදුවා..ඔයාගේ රෙදි සේදුවා
ඒත්....ඔයා පින්තූර පොතක් අරගෙන මා ළඟට ආවා.....
දවසම වැඩ කරලා මං හෙම්බත් වෙලා
“අනේ පුතේ තව චුට්ටකින්......... ”මං කියනවා
රෑට මං ඔයාව තුරුළු කරගෙන නිදා ගන්නවා
ඔයාට ගාථා කියලා ඔයාව සනසවලා
මම ලයිට් එක නිවනවා......
ඔයා සැනසීමෙන් සුවෙන් නිදි කියලා දැනුනම
මං කාමරයෙන් යනවා.......
ඒත් තව මිනිත්තුවක් ඉන්න ආසයි......
ඒත් මට කරන්න වැඩ එමටයි......
ජීවිතේ හරිම කෙටියි......
මගේ පුංචි පුතා ඉක්මනට ලොකු වෙලා....
ඔයා තවත් මා ළඟ දැවටෙන්න එන්නෙ නෑ.....
සෙල්ලම් කරමු කියන්නෑ...
ඔයාට ඔයාටම කියලා ලෝකයක් තියනවා
දැන් පින්තුර පොත් බලන වයස නෙවෙයි
සෙල්ලම් කරන කාලෙකුත් නෙවෙයි
රෑට මාව ඉඹලා නිදාගන්නෑ ඔයා......
ඔයාට නින්ද යනකම් මම ගාථා කියන්නෙත් නෑ.......
ඒ හැමදේම අතීතෙට එකතුවෙලා......
දැන් මගේ කාර්ය බහුල ජීවිතේට විරාමය හම්බවෙලා......
දවස ඉස්සරට වඩා හුඟාක් දිගයි.....
ආයෙත් අතීතෙට ගිහින් පුතාත් එක්ක එකතුවෙලා
පින්තූර පොත් බලන්න තියනවා නම්......
ඒත් ඔයා කාර්යබහුලයි.........
පළපුරුද්ද හා සේවා කාලය
පළපුරුද්ද යනු , කෙනෙකු සේවය කල අවුරුදු ගණන නොවේ.පළපුරුද්ද යනු විශිෂ්ඨ ප්‍රතිඵල බිහි කිරීමට ඇති හැකියාවයි.ඇතමෙක් පළපුරුද්ද ලබා ගැනීමට බොහෝ කාලයක් වැඩ කරන අතර ,තවත් අයෙක් ඉතා කුඩා කාලයකදී පළපුරුද්ද ලබා ගනී.ඒ දෙදෙනාම අවසානයේ සමාන වේ.පළපුරුද්ද මැනිය හැක්කේ සේවා කාලය නොව කෙනෙකුගේ ඵලදායීතාවයෙනි.
(උපුටා ගැනීමකි.)
අනියත දහම.............
කහ මලින් බර ඇහැළ යායක
නෙත රැඳී සිත නිවුන මොහොතක
සිහිවුනා හෙට පරව යන මල
කුමක් කරනුව එයයි ලොව්දම
පිපී රන්වන් කහ පැහැය ගෙන
පිරී දිලුනත් පන්සලේ අද
වැටී යයි එක එකින් ඒ හැම
එක මලක් හෝ නොරැඳෙනා ලෙස
පරව යන බව යටි සිතින් දැන
පරව ගිය කල වැටී පොළවට
වටහ ගන්නම් අනියතේ හැඩ
කේ.ඒ. සුමිත්‍රා මල්කාන්ති





















